Minecraft කියන මේ open world game එක සෙල්ලම් කරන playersලට එක එක ගෙවල් වගේ builds කරන්න, යාළුවන් එක්ක explore කරන්න, යක්කු එක්ක ගහන්න වගේ දේවල් කරන්න හැකියාවක් තියනවා.
ඒ වගේම බහුතරයක් ගේම් වල නැති ඉතාමත් විශාල ලෝකයක් අපිට ලැබෙනවා, මේ ලෝකයේ කැමති තැනක අපිට පුළුවන් ගෙවල් හදන්න, අපටම කියලා base එකක් උනත් හදන්න. කිසිම limit එකක් නැති මේ game එකේ ප්‍රධාන වශයෙන් අපිට Survival සහ creative කියලා GAME MODE දෙකක් හම්බ වෙනවා.
Survival mode එකේ අපිට පුළුවන් එක එක උපකරණ භාවිතා කරලා එක එක නිර්මාණ කරන්න, මේ කොටු ලෝකයේ අපිට අවශ්‍ය දේවල් ලබාගන්න, උදාහරණයකට පොරොවක් හදාගෙන ගහක් කපනවා, ඒ ගහෙන් ලැබෙන ලී කොටවලින් ලී හදනවා, ඒකෙන් පඩිපෙල් හදනවා, ඒවා පාවිච්චි කරලා ගෙයක්, ගොඩනැගිල්ලක් වගේ අපිට කැමති නිර්මාණයක් කරන්න පුළුවන්. සරලව කිව්වොත් අපි හිතන දේ මේ game එකේ හදන්න පුළුවන්.
Creative mode එකෙන් අපිට එක එක Blocks unlimited හම්බ වෙනවා, ඒකෙන් කිසිම limit එකක් නැතුව ඕනම දෙයක් වේගයෙන් නිර්මාණය කරන්න පුළුවන්.
මේ ගේම් එක විශේෂ වෙන්නෙ ඇයි?
● හැමදේම limitless, කිසිම limit එකක් නෑ, සාමාන්‍යයෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්.
● සම්පූර්ණයෙන්ම කොටු වලින් පිරුනු වෙනස්ම ලෝකයක්, මිනිස්සු, සත්තු ඔක්කොම කොටු විදිහට බලාගන්න පුළුවන්.
● පතල් හාරන්න, නිර්මාණයක් කරන්න පුළුවන්.
● Minecraft ලෝකය වටේට සංචාරය කරලා එක එක රහස් ස්ථාන හොයාගන්න පුළුවන්.
● මේ game එකේ, එක එක යක්කු, වෙනස්ම හතුරන් බලාගන්න පුළුවන්.
● යාළුවන් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන්.
කෙටියෙන් කිව්වොත් Minecraft කියන මේ game එකෙන්, අපිට පුළුවන් පොඩි ගෙයක් හදන්න වගේම ලොකු නගරයක් උනත් නිර්මාණය කරන්න.
1 Comments
Wowww Filltrix Aiye 😍💖 Oya ge website eka hari lassanai! Mama godak deval ඉගෙන gatha mee oya ge website Akken 😄 Aiye! Keep it up ❤️
ReplyDelete