Minecraft Server Rules


මේ servers develop කිරීමට/නඩත්තු කිරීමට පසුපසින් ලොකු වැඩ ප්‍රමාණයක් ඇත. ඉතින් පහළ rules follow කරලා ඕගොල්ලන්ගෙ උපරිම සහය ලබා දේවි කියලා මම හිතනවා.


● ආතල් එකේ සෙල්ලම් කරන්න ඕන😆

● Discord Server එකේ rules Minecraft Server අදාළ වේ.

● මෙහිදී cheat කිරීමෙන් වළකින්න. Cheat කරන අය සොයාගැනීමට ක්‍රමද සකසා ඇත.

● කරුණාකර එක් එක් items ඉල්ලීමෙන් වළකින්න. (shop එක භාවිතා කරන්න)

 ➜මෙම rule එක දාන්න ප්‍රධානම හේතුව තමයි Survival server වල මම හිතනවා මේ වගේ server එකක යම් දෙයක් creative mode හරහා ඉල්ලුම් කිරීම ගොඩක් සාර්ථක server එකකට හොඳ මදි කියලා.

● කෙනෙක්ගෙ Minecraft Skin එකක් Server එක තුළ භාවිත කිරීමෙන් වළකින්න.

● කෙනෙක්ගෙ අවසරයකින් තොරව item, Build එකක් ලබාගැනීමට උත්සාහ කිරීමෙන් වළකින්න.

● Farms සෑදීමෙන් වළකින්න. එයින් server lag එක අඩු කළ හැක.

● Server bug වලින් මොකක් හෝ ලාභයක් ලැබුවොත්, එය අයින් වෙනු ඇත.


 Server එකේ OPට server එකේ maintenance සඳහා ඕනම වෙලාවක game mode change කිරීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න.


  පහළ තියන දේ rules නොවන නමුත් මෙම ඉල්ලීම් කිරීමෙන් වළකින්න.


● Server world වල seed එක.

● Server එකේ OP වීමට. (OP server එකට අවශ්‍ය උනොත් අප Discord හරහා දැනුම් දෙන්නම්)

● ආරක්ෂක හේතූන් මත server එකේ විස්තර හෝ plug-in පිළිබඳවද ඇසීමෙන් වළකීන්න.

● Server access ලබාගැනීමට අපගේ Discord Server එකේ message එකක් දාන්න.


 ඉතාමත් වැදගත් කරුණු!


● Server Login password එක බලවත් එකක් තෝරන්න (නම/උපන්දිනය නොවන).

● Claim එකක් expire (60 Days) උන පසු අදාළ claim එක සහ claim එකතුල තියන භාණ්ඩ/දේපළ/ඉඩම් ඕනම කෙනෙක්ට ලබාගත හැක. වටින දේවල් ආරක්ෂා කරගන්න නම්, Ender Chest භාවිතා කරන්න. එය වෙනත් කෙනෙකුට access කළ නොහැක.


ඔබ දවස් 60කට පස්සෙ server එකට යන කෙනෙක් නම්, වෙන තැනක් ඔබට claim කළ හැක. මෙහෙම කරේ inactive claims නිසා අලුත් playersලට play කරන්න ඉඩ නැති වෙන එක වළක්වන්න.


● Build කිරීමට පෙර claim කරගන්න. Claim නැති build එකක් වෙන කෙනෙක් claim කළොත් එයට අපට කිරීමට දෙයක් නොමත.

● Claim නොකරපු අමතර builds server එකෙන් ඉවත් විය හැක

● එකමුතුවෙන් වැඩකරගෙන යන්න වග බලාගන්න.

● Nether portal නිර්මාණය කිරීමෙන් වළකින්න, Server එකටම එක nether portal එකක් ලබාදී ඇත, මීට කළින් portal සෑම player කෙනෙක්ම නිර්මාණ කළ හේතුවෙන්, world එක bug වීම නිසාත් අලුත් portal නිර්මාණය කිරීම වළක්වා ඇත.