Frogs කියන්නෙ Minecraft වල passive mob කෙනෙක් වගේම එයා හම්බ වෙන්නෙ swamps biome වල, ඒ වගේම ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගෙ වර්ග තුනක් තියනවා, ඒගොල්ලො spawn වෙන තැන අදාළ උශ්ණත්වය මත ඒ පාට තීරණය වෙනවා. Warm frogs (white - සුදු), temperate frogs (orange - තැඹිලි) and cold frogs (green - කොළ). ඒගොල්ලන්ට පීනන්න, ඇවිදින්න සහ උසට පනින්නත් පුළුවන්. ඉතින් මේ ගෙම්බො පොඩි mobලට attack කරන්නෙ දිව භාවිතා කරල තමන්ගෙ කට ඇතුළට ඇදලා.
පොඩි Magma Cube කෙනෙක්ව මෙයා ඉවරයක් කරොත් mob drop එකක් විදිහට froglight drop කරනවා, ඒකෙ පාට තීරණය වෙන්නෙ magma cubeව මරන අදාළ ගෙම්බගේ පාට අනුව, මේගොල්ලො breed කරන්න slimeballs use කරන්න පුළුවන්. ගැබ්ගත් ගෙම්බෙක් frogspawn කියන බිත්තර දානවා ළඟම වතුර තියන තැනක් ගාව, ටික වෙලාවක් ගත උනාට පස්සෙ ඒ බිත්තර වලින් tadpoles එනවා බලාගන්න පුළුවන්.
Other details
- Mob type: Passive
- Health: 10
- Against small slimes and magma cubes: 10

0 Comments